අලි-මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice – CEJ) විසින් සකස් කරන ලද යෝජනාවලිය ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව නොවැම්බර් මස 10 වනදා කරුණු දක්වන ලෙසයි අභියාචනාධිකරණය වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ. දමිත් තොටවත්ත සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (සැප්තැම්බර් 29) මෙම පෙත්සම කැඳවා තිබෙනවා
පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණයේ මැදිහත්වීම මත සකස් කරන ලද එම යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවට යොමු කළද මෙතෙක් එය ක්‍රියාවට නංවා නොමැති බවයි.
තවද, අදාළ යෝජනාවලි ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයට පවා මෙතෙක් කරුණු දක්වා නොමැති බවද ඔහු තවදුරටත් මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, මෙම වැදගත් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව නොවැම්බර් 10 වනදා අධිකරණයට නිල වශයෙන් කරුණු වාර්තා කරන ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.




