ලෝක ළමා හා වැඩිහිටි දිනයන් අද (ඔක්තෝබර් 01) දිනට යෙදී තිබෙනවා.
මෙවර ලෝක ළමා දින තේමාව වන්නේ “ආදරෙන් සුරකින්න – අපිට ලොව දිනන්නට” යන්නයි. මෙම දිනය වෙනුවෙන් පසුගිය සැප්තැම්බර් 25 වන දා සිට ජාතික ළමා දින සතියක් ක්‍රියාත්මක වුණා. දිවයින පුරා පාසල්වල ළමා දින සතියට සමගාමීව විවිධ උත්සව හා ක්‍රියාකාරකම් ද සංවිධානය කර තිබෙනවා.
එසේම මෙවර ලෝක වැඩිහිටි දිනය සහ තේමාව වන්නේ “පරපුරක් තැනූ පරපුරක් රැකගනිමු” යන්නයි. ලෝක වැඩිහිටි දිනය නිමිත්තෙන් අද (ඔක්තෝබර් 01) දින සිට ඔක්තෝබර් 07 වන දා දක්වා සැමරුම් සතියක් ක්‍රියාත්මකයි.




