අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව සංශෝධිත අධි චෝදනා පත්‍ර භාර දෙයි

Share

හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ සංශෝධිත අධි චෝදනා පත්‍රයක් අද (01) භාර දෙන ලදී.
2014 වසරේ දෙසැම්බර් මස ගංවතුර ආධාර සැපයීමට මුවාවෙන් තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනායි මෙම නඩුවට ඇතුළත්ව ඇත්තේ.

නව සංශෝධිත අධි චෝදනා පත්‍රය යටතේ අනුර සෙනෙවිරත්න නමැති හිටපු ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ බව පැවසෙන අයෙක්ද මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති බව පැමිණිල්ල (නීතිපති දෙපාර්තමේන්තුව) අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ භාර දුන් මෙම අධි චෝදනා පත්‍රයට අදාළව, නව විත්තිකරුට චෝදනා භාරදීම සඳහා නඩුව ඔක්තෝබර් මස 29 වන දා යළි කැඳවන ලෙස විනිසුරුවරයා නියම කර තිබෙනවා.

Read more

Local News