හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයට දින දෙයි

Share

2021 වසරේදී සාධාරණ හේතුවකින් තොරව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගය සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

අද දින ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අතර, එහිදී තීරණය වූයේ ලබන වසරේ මාර්තු මස 25 වනදා එය විභාගය සඳහා කැඳවන බවයි.

ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් සිදුවූ අසාධාරණයට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා බදියුදීන් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

Read more

Local News