ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරඟාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින දඹුල්ල Thunders කණ්ඩායමේ හිමිකරු වන තමිම් රහ්මාන් නමැත්තාට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පොලිස් ඒකකය අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම හමුවේ දැනුම් දී තිබෙනවා.
බංග්ලාදේශ සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි මෙම විත්තිකරුට එරෙහිව ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කිරීමට නියමිතයි. මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, දෙසැම්බර් මස 05 වනදා මෙම නඩුව නැවත කැඳවීමට නියම කර තිබෙනවා.




