හදිසියේ රැස්වුණු GMOA

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (07) දින හදිසි විධායක කමිටු රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. මෙම හමුවේ මූලික අරමුණ වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථානමාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සාකච්ඡා කිරීම බව GMOA හි සහකාර ලේකම්, වෛද්‍ය හංසමාල් වීරසූරියසඳහන් කර තිබෙනවා.

අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදුකිරීමට විරෝධය දක්වමින් GMOA මේ වන විටත් එම දිස්ත්‍රික්කය තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කර ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ ගැටලුව කෙරෙහි මෙතෙක් රජයේ අවධානය යොමුවී නොමැති බැවින්, ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිත බව ද වෛද්‍ය වීරසූරිය වැඩිදුරටත් ප්‍රකාශකර තිබෙනවා.

Read more

Local News