හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්

Share

හුංගම පොලිස් වසමේ වාඩිගල, රන්න ප්‍රදේශයේ නිවසක පුද්ගලයෙකු හා කාන්තාවක් කපා කොටා ඝාතනය කර තිබුණේ අද අලුයම් කාලයේදීයි. මරණකරු තම මිතුරෙකුගේ නිවසේ සිය අනියම් බිරිඳ සමඟ රැඳී සිටියදී මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ තියුණු ආයුධ වලින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

එලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි වයසේ පසුවන රන්න සහ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය නැති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News