අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් යූටියුබ් කරුවකූ වන සුදත්ත තිලකසිරිට එරෙහිව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 02 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම සමථයට පත් කිරීමට තිබෙන හැකියාව පිළිබඳ සොයා මීලග දින අධිකරණයට දැනුම් දෙන බවයි.ඒ අනුව මෙම පෙත්සම දෙසැම්බර් මස 02 වනදා යලි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.