විසක් නිසා සිසුන් හතක් රෝහලේ

Share

දඹුල්ල රත්මල්ගහඇල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් හත් දෙනෙකු රසායන ද්‍රව්‍යයක් ශරීරගත කර ගැනීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

පාසලේ දින තුනක නිවාඩුවකින් පසු, විද්‍යාගාරයට රිලවුන් ඇතුළුවීමෙන් එහි අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කර තිබෙනවා. අද (07) දින සිසුන් විසින් විද්‍යාගාරය පිරිසිදු කිරීමට පියවර ගැනීමේදී, ඔවුන්ට රතු පැහැති මිරිස් කුඩු මෙන් දිස් වූ ද්‍රව්‍යයක් හමු වී ඇති අතර එය මිරිස් කුඩු යැයි වැරදියට සිතා, සිසුන් හත් දෙනෙකු එම ද්‍රව්‍යය දිවගා තිබෙනවා. එම අවස්ථාවේ ඇති වූ ආසාත්මිකතා තත්ත්වයන් හේතුවෙන් පාසලේ ගුරුවරුන් වහාම මෙම දරුවන් හත් දෙනා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 7 ශ්‍රේණියේ සිසුන් 5 දෙනෙකු සහ සිසුවියන් 2 දෙනෙකු බවයි.මේ සම්බන්ධයෙන් දඹුල්ල සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ පවත්වන බවටයි වාර්තා වන්නේ

Read more

Local News