අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඉලංගෝවන් තිලීපන් නැමැති පෙදරේරුවකුට බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල ඊයේ (09) දින නියම කර තිබෙනවා.
විත්තිකරු 2022 නොවැම්බර් 03 වනදා මන්නාරම, එලුතූර් හන්දිය අසලදී පොලිසිය විසින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබු බවටයි වාර්තා වන්නේ. නඩු විභාගයෙන් අනතුරුව, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව සනාථ වූ බැවින් මෙම දඬුවම නියම කෙරුණු බව වැඩිදුරටත් සඳහන්.