සිර දඬුවම් ලැබූ මහින්දානන්ද සහ නලින්ට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි

Share

2015 ජනාධිපතිවරණය සමයේ කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කිරීමෙන් රුපියල් මිලියන 39ක රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහි නඩුව අද (10) කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනුණා.

විනිසුරු බුද්ධික සී. රාගල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, දැනටමත් තවත් නඩුවක් සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

මෙහිදී, පැමිණිල්ල ලබා දිය යුතු ලේඛන පිළිබඳව විත්තිය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර කරුණු දැක්වීමක් සිදු වී ඇති අතර විත්තියේ නීතිඥවරු එක සමාන චෝදනාවලට යළි නඩු පැවරීම පිළිබඳව ද ප්‍රශ්න කළ අතර, ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ මෙම නඩුවේ වෙනස් චෝදනා අන්තර්ගත වන බවයි.

කරුණු සලකා බැලූ අධිකරණය, නඩුවට අදාළ විත්තියේ මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇති අතර එදිනට සිර දඬුවම් ලබන විත්තිකරුවන් දෙදෙනා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි නියෝග කෙරුණේ.

Read more

Local News