සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියකින් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ගෙවන ලෙස කොළඹ දිසා අධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ(14) තහවුරු කරන ලදී.
කොළඹ දිසා අධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා සීමා සහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ANCL) විසින් ඉදිරිපත් කළ අභියාචනය ජනක් ද සිල්වා, අචල වෙංගප්පුලි සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිෂ්ප්‍රභ කරන ලදී. 2009 දී රාජපක්ෂ විපක්ෂයට පිල් මාරු කිරීමෙන් පසු සිළුමිණේ පළ වූ ලිපිවලින් සිය කීර්තියට හානි වූ බවට ඔහු නඩු ගොනු කර තිබුණි.