නවදිල්ලිහි භාරත් මණ්ඩපම්හිදී අදින්(17) ආරම්භ වන 2025 NDTV ලෝක සමුළුවේදී, ලෝකයේ සිදුවන පරිවර්තනයන් පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා. රාජ්‍ය නායකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්‍රවීණයින් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මෙම සමුළුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති රිශී සුනක් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ටෝනි ඇබට් යන මහත්වරුන්ද ඇමතීමට නියමිතයි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දේශනයක් පැවැත්වීමට නියමිත අතර, ඇය අද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමටද නියමිතයි. ඊයේ(16) ඇය ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවී ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. මෙම සමුළුව හෙටින් (දින දෙකකින්) අවසන් වේ.