හිටපු ජනපති මහින්දගේ ආරක්ෂකයා 31 වනදා දක්වා යළි රිමාන්ඩ්

Share

රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙකු වන නෙවිල් වන්නිආරච්චි ඔක්තෝබර් මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගමයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වා ඉදිරි දිනයකදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියම කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News