ප්‍රංශයේ පැරිස් අගනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්ක හරහා ඊයේ (20) ඇති වූ ටොනේඩෝවකින් ඉදිකිරීම් දොඹකර තුනක් පෙරළී ගිය අතර, එයින් පුද්ගලයෙකු මිය ගොස් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවටයි වාර්තා වන්නේ.
පැරීසියේ සිට කිලෝමීටර් 20 ක් පමණ ඊසාන දෙසින් පිහිටි එර්මොන්ට් ප්‍රදේශයේ හදිසියේ ඇති වූ මෙම කුණාටුව දිස්ත්‍රික්ක 10 කට පමණ හානි සිදු කර ඇති බවත් වාර්තා වනවා.
ගොඩනැගිලි ඉදිකිරීම් භූමියක සේවය කරමින් සිටි 23 හැවිරිදි සේවකයෙකු මෙසේ මියගොස් ඇති අතර, සිව්දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා ඇති අතර තවත් 10 දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




