රිමාන්ඩ් බාරයේ සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්‍ෂාණී ලබන මස 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා.
ඇගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය එදිනට ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම දැනුම් දුන් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සියල්ල සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බවටයි වාර්තා වන්නේ.