ආන්ද්‍රා ප්‍රදේශයේ බස් අනතුරක් – 25කට වැඩි පිරිසක් මරුට

Share

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අද (24) අලුයම සිදු වූ බිහිසුණු බස් රථ ගින්නකින් පුද්ගලයන් 25කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වනවා.

අනතුරට ලක්ව ඇත්තේ හයිද්‍රාබාද් නගරයේ සිට බැංගලෝර් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක්. මෙය කර්නූල් ප්‍රදේශයේදී බස් රථය අනතුරට පත්වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 39 දෙනෙකු ගමන් කරමින් සිට ඇත. වාර්තා වන පරිදි, මෙම බස් රථයේ යතුරුපැදියක් ගැටී ඇති අතර, එය බසය යටට ඇදී ගොස් ඉන්ධන ටැංකියේ වැදීමෙන් ගින්න හටගෙන තිබේ.

ගින්න ඇති වන විට මගීන් විශාල පිරිසක් නින්දේ සිටීම, මරණ සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත. කෙසේ වෙතත්, අවදිව සිටි මගීන් කෑගසමින් බස් රථයෙන් එළියට පැන දිවි බේරාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කර්නූල් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ. අනතුරෙන් බස් රථයට සම්පූර්ණයෙන්ම හානි සිදුව ඇත.

Read more

Local News