බී.වයි.ඩී (BYD) වාහන වල මෝටර් ධාරිතාව පිළිබඳ ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකරන විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අභියාචනාධිකරණය අද (24) නියෝග කර තිබෙනවා. රේගුව විසින් බදු රැස්කිරීම මෙන්ම ආනයනකරුවන්ගේ යහපත ද සලකා බැලීමට අධිකරණයට සිදුවන බව විනිසුරුවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.
රඳවාගත් වාහන ඇපකරයක් මත කොන්දේසිවලට යටත්ව මුදාහැරීමට හැකියාව ඇති බව රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැන්වුවද, ඊට පෙත්සම්කාර පාර්ශවය එකඟත්වයක් පළ කර නැහැ. පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසුවේ රේගුව වාහන රඳවාගෙන සිටින ආකාරය නීතියට පටහැනි බවයි. මෙම නඩුව සමථයකට පත්කිරීමේ හැකියාව පිළිබඳව ලබන 28 වනදා දැනුම් දෙන බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පවසා ඇත්තේ.




