ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් ලබන නොවැම්බර් 07 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

Share

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කරන ලද ‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් ලබන නොවැම්බර් 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දීට රටින් පලායාමට ආධාර අනුබල දුන් බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු (පොලිස් කොස්තාපල්වරයෙකු සහ රෝහල් සේවිකාවක ඇතුළුව) පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ, සැකකාරිය දින 52ක් ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ද, ඉන්පසු මාන්කුලම් සහ කිලිනොච්චිය හරහා යාපනයට පලායාමට කටයුතු සම්පාදනය කර තිබූ බවයි.

සැකකාරියට ආධාර අනුබල දුන් පාර්ශ්වයන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර ඇතැයි වාර්තා වනවා. එමෙන්ම සිද්ධියේ එක් සැකකරුවෙකු මහාධිකරණ නියෝග මත දැඩි කොන්දේසි යටතේ ඇප මත මුදා හැරීමටත් නියෝග ක‍ර තිබුණු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News