හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ වුණා.
මෙම නඩුව ගොනු කර ඇත්තේ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, 2016 ජූලි 14 සිට 2020 නොවැම්බර් 1 දක්වා කාලය තුළ වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනා යටතේයි. මෙම චෝදනා නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි ඉදිරිපත් කර ඇත්තේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ නඩුව කැඳවූ අතර, මෙහිදී ඩයනා ගමගේ චෝදනාවලට තමන් නිවැරදිකරු බව ප්‍රකාශ කළා.
එහිදී, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනී හංසිකා කුමාරසිරිගේ සාක්ෂි සටහන් කර ගැනීමත් සිදු වුණා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 වන දා දක්වා කල් තැබිණි.




