කටුනායක ගුවන්තොටුපළේදී කුෂ් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ලද ඔත්තුවකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

සැකකරු ගුවන් මාර්ගයෙන් මෙරටට ගෙන ආ බවට සැකකරන කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2.079 ක් ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය තහවුරු කරයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකය විසින් සිදුකරගෙන යනු ලබයි.

Read more

Local News