හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පති අධිකරණයට

Share

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත අද (05) එප්පාවල, ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා. එප්පාවල කටියාවේ පාසලක විදුහල්පතිවරයා ඇතුළු තවත් අයෙක් (අවු 54 , 22) මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ බිරිඳ, පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් වන අතර, ඇයවද වැටලීම සිදු කළ හෝටලය පිහිටි නිවසේ සිටිය දී පොලීසිය විසින් ප්‍රශ්න කර මුදා හැර ඇතැයි වාර්තා වනවා.

හෙරොයින්වලට අමතරව, වල දමා තිබූ මත්ද්‍රව්‍ය මැනීමට භාවිතා කරන විද්‍යුත් තරාදියක් සහ සීලර් යන්ත්‍රයක්ද සොයාගෙන ඇති අතර මීට දින කීපයකට පෙර හෙරොයින් ග්‍රෑම් 25ක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ පුත්‍රයාගෙන් සහ සතියකට පෙර අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මතයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය අද (06) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අනුරාධපුර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Read more

Local News