යෝෂිතගේ නඩුවේ මීළඟ කැඳවීමට දින දෙයි

Share

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව ගොනු කර ඇති නඩුව, පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයක් සඳහා ලබන නොවැම්බර් 12 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (05) දින නියම කර තිබෙනවා.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.

මෙම නඩුව අද දින මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පැමිණිල්ලට අදාළ ලේඛන කිහිපයක් විත්ති පාර්ශ්වය වෙත භාර දෙන ලදී. ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, විනිසුරුවරයා ලබන 12 වැනිදා නඩුව නැවත කැඳවීමට නියෝග කර තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඇති චෝදනාව වන්නේ, රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කිරීමයි.

Read more

Local News