ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව දිල්ලියේ පැවති ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලයේ ( Indian Council of World Affairs – ICWA) සම්මන්ත්‍රණයක් අමතා තිබෙනවා. එහිදී, ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රය තුළ ඉන්දියාවේ ඓතිහාසික මෙන්ම නවීන භූමිකාව ඔහු විසින් ඇගයීමට ලක් කරන ලදී.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු ශිෂ්ටාචාරමය හා ප්‍රජාතන්ත්‍රවාදී සබඳතා යළි තහවුරු කළ යුතු බව විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. තවද, ඉන්දියානු සාගරය සාමයේ සහ සහයෝගීතාවයේ කලාපයක් ලෙස ආරක්ෂා කර ගැනීමේ හවුල් වගකීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කර තිබුණා.
විදුලි වාහන (EV) සහ සැපයුම් දාම (Logistics) වැනි ක්ෂේත්‍රයන්හි ඉන්දියාවේ කාර්මික හා තාක්ෂණික මුලපිරීම් සමඟ එක්වීමට ශ්‍රී ලංකාව තුළ පවතින කැමැත්තද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙන බවටයි තොරතුරු වාර්තා වන්නේ.




