2026 අයවැය යෝජනා අවසන් ලේඛණය ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට

Share

2026 වසර සඳහා වන අයවැය යෝජනා වල අවසන් ලේඛනය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රී කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමද මෙම නිරීක්ෂණ අවස්ථාව සඳහා සහභාගී වී තිබෙනවා.

වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය ලෙස සැලකෙන මෙය, මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News