රන් මිල නැවතත් ඉහළට

Share

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල කැපී පෙනෙන ලෙස ඉහළ යෑමට සාපේක්ෂව, මෙරට රත්‍රං මිලද යළි වර්ධනය වීමක් දක්නට ලැබෙනවා.

අද(11) දිනයට ලෝක රන් මිල ඩොලර් 4,120 සීමාව ඉක්මවා ගොස් තිබෙන අතර වෙළෙඳපොළ දත්ත අනුව, මෙරට රත්‍රං මිල පසුගිය අඟහරුවාදාට සාපේක්ෂව අද දිනය වනවිට රුපියල් 8,000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව, අද (11) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 7,000කින් ඉහළ ගොස් රුපියල් 300,600ක් දක්වා වැඩි වී ඇති අතර පසුගිය අඟහරුවාදා එම මිල දැක්වුණේ රු. 293,200ක් ලෙසයි.

එමෙන්ම, පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 317,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රුපියල් 325,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවද හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග තහවුරු කරයි.

Read more

Local News