ජනාධිපති නීතිඥවරු හතර දෙනෙක් දිවුරුම් දෙති

Share

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව් දෙනකු ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම් දී තිබෙනවා. අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේයි මෙම දිවුරුම් දීම සිදු වී ඇත්තේ.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක යන මෙසේ දිවුරුම් දී ඇති බවටයි වාර්තා වන්නේ. ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි මෙම අතිරේක සොලිසිටර් ජනරාල්වරු සිව් දෙනා ඉකුත්දා ජනාධිපති නීතීඥ ධූරයට නම් කර ඇත්තේ.

Read more

Local News