අද(24) සිට මගී බස්රථ ප්‍රවේශපත්‍ර සඳහා බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම ලබා දී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. මුදල් ගෙවීමෙන් පසු ඉතිරි මුදල් ලබා නොදීමේ ගැටලු වැනි දේට විසඳුමක් ලෙසයි මෙම නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ. ඩිජිටල් අමාත්‍යාංශය හා ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කරන මෙහි සමාරම්භක වැඩසටහන අද පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. පළමු අදියර යටතේ මාර්ග 20ක පමණ මෙම පහසුකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වනවා.
Share
Read more




