මිදිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි වෙඩික්කරුවන්ට නවාතැන් දුන් බවට චෝදනා ලැබූ සැකකරුවෙකු ඊයේ (නොවැම්බර් 23) වැලිගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙර, මෙම ඝාතන සැලසුම පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව මිදිගම නිවසක් පරීක්ෂා කිරීමේදී ටී-56 ගිනි අවියක් සමඟ හමුදාවේ හිටපු සෙබලෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී පලා ගිය සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු මිදිගම පදිංචි 38 හැවිරිදි නිවසේ හිමිකරුවා වන අතර, ඔහු වැලිගම ඉබ්බාවලදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග මත තබා ගැනීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




