අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරට ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය වන ජුලි චන්ග් අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී ඇත්තේ දෙරටේ අධ්‍යාපනික සබඳතා වර්ධනය කිරීම පිළිබඳවයි. විශේෂයෙන්ම, එක්සත් ජාතීන්ගේ සාම බලකා වැඩසටහන පිළිබඳව මෙන්ම ෆුල් බ්‍රයිට් ජාත්‍යන්තර ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධයෙනුත් මෙහිදී අවධානයට ලක් වී තිබුණා. දෙරට අතර අධ්‍යාපනික හා සංස්කෘතික සබඳතා වර්ධනය කර ගැනීමටත් මෙහිදී සාකච්ඡා කර ඇති බවටයි වාර්තා වන්නේ.




