කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු අද(25) දින ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලකමැදිරිය පවසා තිබෙනවා.
නාවලපිටිය සෙන්බ්‍රිජ් ප්‍රදේශයේදී උදෑසන 9.00 ට පමණ එම දුම්රියේ පසුපස මැදිරියකට එම පුද්ගලයා ගැටී හෝ පැන ඇති බවට සැක කරන බවත්, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි නිසා දුම්රිය ආරක්ෂක අංශ නිළධාරීන් සිරුර නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
Share
Read more




