අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ වාන් දොරටු දෙකක් විවෘත වේ

Share

ඉහළ කොත්මලේ ජලාශයට අයත් ජල පෝෂක ප්‍රදේශවලට අධික වර්ෂාව තවදුරටත් ඇද හැලීම හේතුවෙන්, ජලාශයේ වාන් දොරටු දෙකක් අද (26) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා.

ජලාශය භාර ඉංජිනේරුවරුන් මෙම තත්ත්වය තහවුරු කර ඇතැයි වාර්තා වන අතර ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට දිගින් දිගටම අධික වැසි ලැබුණහොත්, ඉතිරි වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත වීමට ඉඩ ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ආපදා කළමනාකරණ ඒකකය ජලාශ වේල්ලට පහලින් පිහිටි කොත්මලා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ පිළිබඳව ඉතා සැළකිල්ලෙන් පසුවන ලෙසයි.

Read more

Local News