පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ, ගස් කඩාවැටීම් සහ ජලයෙන් යටවීම් නිසා මාර්ග කිහිපයක් අවහිර වී ඇති බවයි. ඒ හේතුවෙන් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.
මේ වනවිට අවහිර වී තිබෙන මාර්ග කොටස් වන්නේ ප්‍රේමසිරි කේමදාස මාවත (ලයනල් රඟහල ආසන්නයේ), කැප්පෙටිපොළ මාවත, ජාතික රෝහල 4 වන දොරටුව ආසන්නය, ඇල්විටිගල මාවත, රැජින පාර හන්දිය, කොටහේන ආමර් බාබර් හන්දිය (පන්සල අසල) යන මාර්ගයි




