ධීවර කටයුතු වල යෙදෙන්න එපා – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Share

ඊයේ (27) ඇති වූ ආපදා තත්ත්වය මේ වනවිට සුළි කුණාටුවක් ලෙස වර්ධනය වී තිබෙන අතර මේ හේතුවෙන් උතුරු, උතුරුමැද, මධ්‍යම, වයඹ, සබරගමුව, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට 200mm ඉක්මවූ අධි වැසි අපේක්ෂා කෙරෙනවා. අද(28) දින ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකළපුව, ගාල්ල, මාතර ඇතුළු අනෙකුත් ප්‍රදේශවලටද 75mm – 150mm අතර තද වැසි අපේක්ෂිතයි. දිවයින පුරා පැ.කි.මී. 60-70 දක්වා සුළං වේගය ඉහළ යා හැකි අතර පුත්තලම සිට කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු රළ මීටර් 3.0 – 4.0 දක්වා ඉහළ යාම නිසා වෙරළබඩට මුහුදු රළ ගොඩ ඒමේ අවදානමක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ.

නැවත දැනුම් දෙන තුරු ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවට දන්වා සිටින්නේ.

හෙට(29)දිනයේදී ගාල්ල සහ මාතර වැසි අඩු විය හැකි නමුත්, උතුරු පළාත්වල වැසිවල සැලකිය යුතු අඩුවක් බලාපොරොත්තු විය නොහැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් ප්‍රකාශ කරන්නේ.

Read more

Local News