අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව විසින් නිකුත් කළ විශේෂ නිවේදනයේ සඳහන් පරිදි රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තුන්වන පාසල් වාරයේ අවසන් අදියර සඳහා පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 වැනිදා සිදු කිරීමටයි තීරණය කර ඇති බව දැනුම් දී තිබෙනවා. දින නියමයක් නොමැතිව කල් දැමූ උසස් පෙළ විභාගයේ නව දින වකවානු ඉදිරියේදී නිවේදනය කිරීමට නියමිත බවත් පාසල් ආරම්භක දිනයේ නැවත වෙනස් කිරීමක් සිදුවුවහොත් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.




