හුරුළු වැව වාන් දමයි

Share

පසුගිය දින කිහිපයේ ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හුරුළු වැව මේ වනවිට ඝන අඩි 685.69ක වාන්දමමින් පවතිනවා. අද (02) උදෑසන 8.00 පමණ වන විට හුරුළුවැවෙන් තත්පරයට ඝන අඩි 128.66 ක ප්‍රමාණයක් දොරවල් සියල්ලෙන්ම වාන් දමන බව හුරුළුවැව බාර වාරී ඉංජිනේරු දසුන් තිලකරත්න ප්‍රකාශ කර තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය පහව ගොස් වැසි තත්ත්වය පහව ගියද , තවමත් වැවට ඉහළ ප්‍රදේශයේ පවතින ජලය පැමිණීම හේතුවෙන් හුරුළු වැවෙහි වාන්දමන වාන් ජලය යාං ඔයට මුදාහැරෙනු ලබන අතර යාං ඔය අවට සිටින ජනතාවට මේ පිළිබඳ ඉතාමත්ම සැලකිල්ලෙන් සිටින ලෙසයි අදාල අංශ ඉල්ලා සිටින්නේ.

Read more

Local News