මිනිස් පරිභෝජනයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000ක් මුද්‍රා තැබේ

Share

ඊයේ (07) අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොළක ගංවතුර හා විදුලි ඇනහිටීම නිසා භාවිතයට නුසුදුසු මස් කිලෝග්‍රෑම් 12,000ක තොගයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) මුද්‍රා තබා ඇති බවට වාර්තා වනවා.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 1926 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් මෙය අනාවරණය වී තිබෙනවා. PHI සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්සට අනුව, මස්වල සාම්පල හෙට (8) රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන අතර, නීතිමය පියවර ගනු ලබන්නේ එම වාර්තාවන් පදනම් කරගෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

Read more

Local News