වැඩි මිලට වතුර බෝතල් විකිණූ ව්‍යාපාරිකයන් දෙදෙනකුට මිලියනය බැගින් දඩ

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පැවරූ නිවාඩු නිකේතනයකට සහ පුද්ගලික ආයතනයකට රුපියල් මිලියනය බැගින් දඩ මුදල් නියම කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම ආයතන දෙක බෙලිහුල්ඔය සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල පිහිටා ඇතැයි වාර්තා වනවා. බෙලිහුල්ඔය නිවාඩු නිකේතනය රුපියල් 100ක් විය යුතු ලීටරයක ජල බෝතලයක් රුපියල් 400කට අලෙවි කර ඇති අතර, බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනය රුපියල් 70ක් විය යුතු මිලිලීටර් 500 ජල බෝතලයක් රුපියල් 230කට අලෙවි කිරීම හේතුවෙනුයි මෙම නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ.

Read more

Local News