මිහින්තලය, මහකිරින්දේගම ප්‍රදේශයේ දී මොට ආයුධයකින් පහර දීමක් හේතුවෙන් 61 හැවිරිදි පුද්ගලයකු ඝාතනය වී ඇති බවට වාර්තා වනවා. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම ඝාතනය සිදුව ඇත්තේ මියගිය පුද්ගලයා සහ ඔහුගේ 53 හැවිරිදි බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන්, බිරිඳ විසින් සිදු කළ පහරදීමක් නිසා බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව මේ වන විටත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳව වැඩිදුර විමර්ශන මිහින්තලය පොලීසිය මගින් සිදු කරන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.




