නුගේගොඩ, නාලන්දාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ මන්දිරය විවෘත කිරීම නිමිත්තෙන් ආගමික උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට නුගේගොඩ නාලන්දාරාමාධිපති තිනියාවල පාලිත හිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහමි ඇතුළු මහා සංඝරත්නය ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් ද, දායක දායිකාවන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.