දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මොහොමඩ් හිල්මි ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2024 ජනවාරි මාසයේදී පුහුණුවක් ලබාදීම සඳහා සියලු ප්‍රසම්පාදන ක්‍රියාවලීන් උල්ලංඝනය කරමින් ජේ.එස්.එෆ් හෝල්ඩිං සමාගමට බලපෑම් කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළේ යැයි සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබුණා. කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, සැකකරුගේ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තා සුවිශේෂී කරුණක් ලෙස සලකා, රුපියල් ලක්ෂ 20 ක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමටත්, විදේශ ගමන් තහනම් කිරීමටත් නියම කර ඇති බවටයි වාර්තාවන්නේ. නඩුව යළි පෙබරවාරි මස 17 වනදා කැඳවීමට නියමිතයි.




