දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයට වන අතර එය සටහන් වූයේ මිලිමීටර් 135.5ක් ලෙසයි. මේ අතර දිත්වා සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ මරණ ගණන 639 දක්වා ඉහළ ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




