2025 ශ්‍රේණි 05 ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති අතර, ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීම 2025.11.26 දින ආරම්භ කර තිබෙනවා.
මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ අවසන් හැකියාව 2025.12.05 දිනෙන් පසු අක්‍රීය වීමට නියමිතව තිබුණද, පවතින ආපදා තත්ත්වය හේතුවෙන් එම අවසන් දිනය 2025.12.12 ලෙස සංශෝධනය කර ඇති බව දන්වා සිටිමු. තවද, 2025 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැත, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව දන්වා සිටිමු. 2026 වර්ෂයේ ජනවාරි මාසයේදී, පළමු වටයෙන් තේරී පත්වූ සිසුන් 6 ශ්‍රේණියට ඇතුළත් කිරීමෙන් අනතුරුව, පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලැබේ.




