රටේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ විෂයන් යළි කාලසටහන්ගත කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වනවා.
ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් නොපැවැත්වුණු විෂයන් 2026 ජනවාරි මස 12 වැනිදා සිට 20 වැනිදා දක්වා කාලය තුළ නැවත කාලසටහන්ගත කිරීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.





