අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස මුදල් ගිණුමකට බැරකරන ලෙස මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ප‍රිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ උප ඒකකයට කළ පැමිණිල්ලක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.

සිදු කරන ලද විමර්ශනයේදී Telegram සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් පැමිණිලිකරු රවටා රුපියල් 6,860,000/- ක (හැටඅටලක්ෂ හැටදහසක් ) මුදලක් වංචා කර ඇති අතර වංචා කරන ලද මුදලින් රුපියල් 500,000/- ක (ලක්ෂ පහක්) මුදලක් තම බැංකු ගිණුමට බැර කරගත් සැකකරුවෙකු ඊයේ(11) දින පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකක‍යේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වනවා.

Read more

Local News