හිටපු ඇමති මර්වින්ගේ නඩුවක් කැඳවීමට දින දෙයි

Share

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව රුපියල් මිලියන 150 කට ආසන්න නීත්‍යානුකූල නොවන වත්කම් හා දේපල අයථා ලෙස අත්පත් කර ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා

මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරයාට නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දීම හේතුවෙන් මෙම කල් තැබීම සිදු වුණා.

ඒ අනුව, 2010 සිට 2012 දක්වා කාලය තුළ අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා ලැබ සිටින මර්වින් සිල්වාට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය සඳහා එදිනට සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමටත් විනිසුරුවරයා නියෝග ක‍ර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ

Read more

Local News