මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ වැටලීමකින්, පුදුකුඩිඉරිප්පු, දේවී පුරම් ප්‍රදේශයේ පුරාවස්තු සෙවීම සඳහා නීති විරෝධී ලෙස කැණීම් කරමින් සිටි පිරිමි 4 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අනුරාධපුරය, ඉනාමළුව, මොරගොඩ, ගලේවෙල, මඩාටුගම සහ දේවී පුරම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




