දික්වැල්ලේ රිය අනතුරක්

තිස්ස සිට මාතර දක්වා දිවෙන අම්බලන්තොට ඩිපෝවට අයත් ලංගම බස් රථයක් හා මාතර සිට දික්වැල්ල බලා ගමන් කල ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා හැපීමෙන් ගැබිණ කාන්තාවක් ඇතුළු තිදෙනෙක් මිය ගොස් ඇතැයි දික්වැල්ල පොලීසිය පවසයි. මෙම මාරක අනතුර සිදු වී ඇත්තේ ඊයේ (26දා) සවස 6.30ට පමණය.

ත්‍රීරෝද රථයේ කාන්තාවන් තිදෙනෙකු හා ළමුන් තිදෙනෙකු ලෙස මගීන් 6 දෙනෙකු ගමන් කර ඇත. ත්‍රීරෝද රථ රියදුරා සහ එහි ගමන් ගත් ගැබිණි කාන්තාවක් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

බරපතල තුවාල ලැබූ ඉතිරි පස් දෙනා මාතර මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගිය බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

Previous articleඅගමැතිගේ ප්‍රධානත්වයෙන් හින්දු කෝවිල් 39 ක් උදෙසා මූල්‍ය පරිත්‍යාග කෙරේ
Next articleශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඔක්තෝබර් 05 නිකුත් කෙරේ