ගත වූ පැය විසි හතර තුළ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. මිලිමීටර් 208ක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇදහැලී ඇති බව සඳහන්. මේ අතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට යළිත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී 75ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




