දකුණු මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් පස්දෙනෙකු ද සමඟ අද (24) උදෑසන දික්ඕවිට වරායට රැගෙනවිත් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ගන්දර ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබූ මෙම යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු උර 11ක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම සහ බර මෙතෙක් නිශ්චිතව ගණනය කර නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.




